-5.9 C
New York

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

Published:

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ.

එතැනට පැමිණි උසස් පොලිස් නිලධාරියකු විරෝධය දැක්වූූ පිරිසට පවසන්නේ “ඕවා කරන්න බෑ ලංකාවේ” යනුවෙනි.

මෙම විරෝධතාවය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැති අතර විරෝධතාකරුවන් තම සිරුර ආරක්ෂාවන පරිදි ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටි අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිමින් ද විරෝධතාවයේ නිරතවී සිටිනු දක්නට ලැබිණි.

ඔවුන් පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීති පනවා තිබිය දී සුරාසැල් විවිෘත කිරීමට රජය අවසර දීමෙන් කොරෝනා පැතිරීම වේගවත් වන බවයි. එලෙස සුරාසැල් විවෘත කළේ කවර පදනමකින් ද යන්නත් ඔවුහු ප්‍රශ්න කළහ.

පොලිසිය විරෝධතා කරුවන් ඔසවාගෙන ගොස් පොලිස් ජීප් රථයක දමා ගන්නා අයුරුද දක්නට ලැබිණි.

ඡායාරූප සහ වීඩියෝ newswire.lk වෙබ් අඩවියෙනි.

Related articles

Recent articles

spot_img