-4.8 C
New York

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

Published:

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං පවසයි.

ඔහු පවසන්නේ මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ විශ්වාසය පවා පළුදු වන බවයි.

“ඉතාමත් කණගාටුයි. අපිට දෙනවා කිව්ව රුපියල් 5,000.00 දීමනාව දීලා නෑ. කිසිම ගුරුවරයකුගේ සැප්තැම්බර් මාසයේ වැටුපට මේ දීමනාව එකතු වෙලා නැහැ. එය නොදීමෙන් පැහැදිලියි අපිට කිව්වේ බොරුවක් බව. කැබිනට් තීරණ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසනීයත්වය පවා මේ හේතුවෙන් නැති වෙනවා. අපි රුපියල් 5,000.00 ක් ඉල්ලුවේ නෑ. අපි කිව්වේ අපේ වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා. නමුත් ආණ්ඩුව කිව්වා රුපියල් 5,000.00 ක් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා කියලා. අපිට කැබිනට් මණ්ඩලය ගැන තිබූ විශ්වාසයත් දැන් ඉවරයි.”

පොලීසිය භාර අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කළ තර්ජනය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ස්ටාලින් පවසයි.

“දේශපාලනික අරමුණු සඳහා පොලිසිය යොදා ගැනීමට අමාත්‍යවරයා ගන්නා උත්සාහය රජයේ ස්ථාවරය ද යන්න පොලිසිය විෂය භාර අමාත්‍යවරයා පැහැදිළි කළ යුතුයි.” යැයි ද ඔහු කියා සිටියේය.

Related articles

Recent articles

spot_img