-4.8 C
New York

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

Published:

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

ළිං 10ක පමණ ජලය දින කිහිපයකට පෙර අමුතු රසයකින් යුතු වීම හේතුවෙන් ගැමියන් එම ජලය බෝතල්වලට දමා බැලූ විට තෙල් ද්‍රාවණයක් උඩ පාවෙනු දැක තිබේ.

එය ගිනි ගන්නා බව ද ඔහු පවසති.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් පසු කරනල සොයාබැලීමක දී අනාවරණය වී ඇත්තේ අබිලි ද්‍රව්‍ය එකතුකරන ස්ථානයකින් කිසියම් තෙල් වර්ගයක් පරිසරයට මුදාහැර ඇති බවයි.

මේ හේතුවෙන් එම ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසියි පවසයි. ළිං අපවිත්‍ර වීම හේතුවෙන් පානීය ජල ගැටලුවට මුහුණ දුන් ප්‍රදේශවාසීන් සඳහා පානීය ජලය ලබාදීමට හොරණ ප්‍රාදේශීය සභාව කටයුුතු කර තිබේ.

Related articles

Recent articles

spot_img