-2.1 C
New York

බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට

Published:

බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර කලවාල ප්‍රදේශයේ දී ය. ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අළෙවි කරන වෙබ් අඩවියක් ඔහු විසින් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බව ද එම වෙබ් අඩවි මගින් අවුරුදු 15ක බාලවයස්කාර දැරිය ද අළෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.

එම දැරිය අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එක්ව විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

spot_img