-5.9 C
New York

ලොහාන් රත්වත්තේට එරෙහිව CID යට පැමිණිල්ලක්

Published:

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළා යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්‍තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

ලොහාන් රත්වත්තේ පසුගිය 12 වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි දෙමළ සිරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් සිරමැදිරිවලින් එලියට ගෙන දණ ගස්වා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකරන ලෙස එම කමිටුවේ  සභාපති නිතීඥ සේනක පෙරේරා සිය පැමිණිල්ලේ දක්වා ඇත. එම සිදුවීම වසන් කිරීමට බන්ධනාගාර පාලන අධිකාරිය ද කටයුතු කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන ලෙස පැමිණිලි කරු ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img