ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක දී මියගිය කොරෝනා ආසාදිතයකු ආදාහනය සඳහා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ.
පුද්ගලික රෝහල ගිලන්රථයකින් මෙම මළ සිරුර ආදාහනාගාරයට යැවීම සිදුකරයි.
මේ වනවිට ගාල්ලේ පුද්ගලික රෝහල්වල මියයන පුද්ගලයන් කොරෝනා ආසාදිත බව කලින් තහවුරු කරගෙන ඇත්නම් නැවත පීසීආර් පරීක්ෂණයක් සිදුනොකර එම පුද්ගලික රෝහලේ ම වෛද්‍යවරුන් විසින් මරණයට හේතුව සඳහන් කර නිරෝධායන නීති අනුව ආදාහනය සඳහා යැවීමට අවසර දී තිබේ.
ඒ අනුව යම් පුද්ගලයකු පීසීආර් පරීක්ෂණයකින් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් හෝ කොරෝනා ආසාදිත බව තහවුරු වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියහොත් එම සිරුර ආදාහය සඳහා එම රෝහලෙන් ම ආදාහනාගාර වෙත යොමු කිරීම සිදුවේ.
මෙලෙස සිදුවන මරණ පිළිබඳ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන බව ද පුද්ගලික රෝහල් පරිපාලනය පවසයි.



