-5.9 C
New York

ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදන් වෙයි

Published:

ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගායේ තිබූ මළ සිරුරක් අතුදන්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි.

ඔහු සිය නිවසේ දී මියයාමෙන් පසු කොරෝනා තිබේදැයි සොයා බැලීම සඳහා ඇල්පිටිය රෝහලට එවා තිබිණි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවයි.

ඉන් පසු මරණ පරීක්ෂණයක් ද පවත්වා ඥාතීන් වෙත මළ සිරුර භාරදීමට කටයුතු කර ඇත. මළ සිරුර ගෙන ගොස් සකස් කරන ලෙස මල් ශාලාවකට පවරා ඥාතීන් පිටත්ව ගොස් තිබිණි.

ඉන් පසු ඥාතීන් මල් ශාලාවට ගොස් බැලූව ද එම තැනැත්තාගේ සිරුර එහි තිබී නැති අතර රෝහලෙන් භාරදුන් වෙනත් සිරුරු දෙකක් එහි තිබී ඇතැයි ද පොලිසිය පවසයි. ඥාතීන් ගොස් සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහුගේ සිරුර මෘත ශරීරාගාරයේ ද නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img