-4.8 C
New York

දරුවන්ට එන්නත් ලැබෙන හැටි මෙන්න

Published:

වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීම අදියර 03ක් යටතේ සැළසුම් කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.

එහි දී නිධන්ගත රෝග සහිත දරුවන් සඳහා පළමු අදියරේ දී එන්නත ලබා දෙන අතර එය සැප්තැම්බර් මස අවසන් සතියේ දී ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. දෙවැනි අදියරේ දී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ට එන්නත ලබාදෙන අතර තුන්වැනි අවස්ථාවේ දී වයස අවුරුදු 12ට වැඩි අනෙකුත් දරුවන්ට එන්නත ලබාදීමට සැළසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.

එම විද්‍යායතනයේ සාමාජික විශේෂඥ ළමා රෝග වෛද්‍ය සුසන්ත පෙරේරා පවසන්නේ ළමයින් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නත පමණක් බවයි.

“අපි දරුවන්ට එන්නත් දීලා මොකද වෙන්නේ කියලා බලන එක නොකළ යුතුයි. අපි කළ යුත්තේ වෙනත් රටවල දරුවන්ට දී තිබෙන සාර්ථක ප්‍රතිඵල අත්කරගත් එන්නත් ලබාදීම. බටහිර රවටල ළමුන්ට දුන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ඇමෙරිකාව මිලියන ගණනක්ට එන්නත් දීලා තියෙනවා. ඉතාමත් අඩු ප්‍රමාණයකට තමයි සංකූලතා ඇති වී තිබෙන්නේ. සංකූලතා තියෙන දරුවන්ටත් මේ එන්නත් දෙක ලබාදී ගැටලුවක් නැති බව සනාථ වී තිබෙනවා.”

හෙට (13) මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.

Related articles

Recent articles

spot_img