-5.9 C
New York

ජංගම දුරකථනයක සටහන් වූ දුම්රිය අනතුර (වීඩියෝ සහිතයි) එක් අයකුට බරපතලයි

Published:

මාතර සිට කොළඹ බල ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (11) සවස පැජරෝ රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුව ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානය සහ පියදිගම දුම්රිය ස්ථානය අතර වැකුණුගොඩ දුම්රිය හරස්මාර්ගයේ දී ය.

හිස් දුම්රිය පෙට්ටි කිහිපයක් රැගෙන කොළඹ දුම්රිය අංගනය දක්වා මෙම දුම්රිය ධාවනය වෙමින් තිබිය දී එම ස්ථානයේ ඇති විදුලි ‍ආලෝක සංඥා සහ දුම්රිය පැමිණෙන බවට අනතුරු ඇඟවීමේ සීනු ශබ්දය ද නිකුත්ව තිබූ අතර දුම්රිය ද නලාව ශබ්ද කරමින් ඉදිරියට ඇදෙමින් තිබිණි.

එම ස්ථානයේ සිටි ගාල්ලේ පදිංචි තිසර ගමගේ දුම්රියේ පැමිණීම සිය ජංගම දුරකථනයෙන් පිටිගත කරමින් සිටි අරත අනතුර ඔහුගේ දුරකථනයේ සටහන්ව තිබේ.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තුවාල ලැබූ තැනැත්තා වයස අවුරුදු 75ක් පමණ වන අයකු බවයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැති අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ ලිපිනයක පදිංචිකරුවකු යැයි දැනට අනාවරණය වී ඇති බවයි.  

(වීඩියෝ සහ ඡායාරූප – තිසර ගමගේ)

වීඩියෝව මෙතැනින්

https://web.facebook.com/100052338563795/videos/304387928113714/

Related articles

Recent articles

spot_img