-5.9 C
New York

ගෑස් ගෙන්වීම ප්‍රශ්නයක් වෙයි. මිල ඉහළ දැමීමටත් ඉල්ලයි

Published:

ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත්කිරීමේ ගැටලුවක් හේතුවෙන් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ ඇතැයි ගෑස් සමාගම් කියයි.

ගෑස් අනයනය කිරීමට නම් ඉක්මණින් ඩොලර් ලැබීමේ අවශ්‍යතාවක් තිබේ. ලිට්‍රෝ සමාගම ගෑස් මිල ඉහළ නොදැමීම හේතුවෙන් එම සමාගමේ අලාභය මේ වනවිට බිලියන 08ක් දක්වා හඉළ ගොස් ඇති අත එමගින් එහි පාලිත සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ද බරපතල ගැටලු ඇතිවෙමින් තිබේ.

මේ අතර ලාෆ් ගෑස් සමාගම තවදුරටත් පාඩු ලබමින් තිබෙන බව පවසමින් ගෑස් මිල තවදුරටත් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල කිලෝ ග්‍රෑම් 12.5ක් සඳහා රුපියල් 291.00කින් සහ කිලෝ ග්‍රෑම් 05 සඳහා රුපියල් 114.00කින් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබේ.

එම මිල ඉහළ දැමීම අනුමත වුවහොත් කිලෝ ග්‍රෑම් 12.5 ක් වූ ලාෆ් සිලින්ඩරයක මිල රුපියල් 2,147.00ක් දක්වාත් කිලෝ ග්‍රෑම් 05ක් වූ සිලින්ඩරයක් රුපියල් 858.00ක් දක්වාත් ඉහළ යනු ඇත.

Related articles

Recent articles

spot_img