spot_img
spot_imgspot_img

ආනයන සීමා නිසා කොටස් වෙළෙඳ පොළ නිෂ්පාදන සමාගම් කෙරෙහි වැඩි අවධානයක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 36,417ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,914ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 121කින් පහළ ගොස් දිනය අවසානයේ ඒකක8,865ක් බවට පත්ව තිබිණි.

වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්‍පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3,286යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 971යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 597යි ලෙස ප්‍රධාන විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනු දෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 101ක්, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 18ක්, මර්චන්ට් බැංකුව කොටස් මිලියන 17යිි ලෙස ප්‍රමුඛ විය.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කොටසක් රුපියල් 37.00 බැගින් කොටස් 575,000ක්, එක්ස්පෝ ලංකා සමාගම කොටසක් රුපියල් 173.00 බැගින් කොටස් 200,000යි, හැටන් නැෂනල් බැංකුව කොටසක් රුපියල් 143.00 බැගින් කොටස් 1,025,000යි, සම්පත් බැංකුව කොටසක් රුපියල් 43.60 බැගින් කොටස් මිලියන 05යි සහ කොටසක් රුපියල් 52.00 බැගින් කොටස් මිලියන 05ක් කැපී පෙණිනි.

අද දිනය තුළ දී වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර පෙස්ඇග්‍රෝ සමාගම (X) 20% කින් ද පෙපස් අග්‍රෝ (N) 16% ද බේරුවල රිසෝට් 12% ද මූලික විය.

විදේශීය ආයෝජකයන් විසින් අද (10) රුපියල් මිලියන 80ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 132ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 52ක මුදලක් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ඊඩ්න් හෝටල් සමාගම රුපියල් මිලියන 12යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04යි, ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 03යි වශයෙන් ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 35ක් ද, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 19ක් ද, ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) සමාගම රුපියල් මිලියන 12ක් ලෙස ප්‍රධාන විය.

ඒ අනුව අද දිනය වනවිට විදේශ ආයෝජකයන් විසින් පසුගිය ජනවාරි 01 දා සිට අද දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපිය් බිලියන 41.875ක් ආයෝජන ඉවත්කරනෙ තිබේ.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 332ක වටිනාමකමක් හිමිකරගනිමින් එක්ස්පෝ ලංකා සමාගම ද දෙවැනි ස්ථානයට රුපියල් බිලිය 253ක වටිනාකමක් හිමිකරගනිමින් එල්ඕඑල්සී සමාගම ද පත්ව සිටියි.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද භාණ්ඩ ආනයන සීමා කිරීමේ තීරණය හේතුවෙන් එම භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන කොළඹ කොටස් වෙළෙද පොළේ ලියාපදිංචි සමාගම්වල කොටස් කෙරෙහි ආයේාජකයන්ගේ ඉල්ලුමක් ඇති වී තිබේ.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!