-5.9 C
New York

අගමැති මහින්ද ඉතාලිය බලා පිටත්ව යයි

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගියේය. ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශයන කිරීම සඳහා ඔහු ඉතාලියට ගිය බව විදේශ කටයුුත අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් ද එක්ව සිටියේය.

අගමැතිවරයාගේ ඉතාලි සංචාරයේ දී වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැ දැක පාස්කු ප්‍රහාරය සම්බන්ධයනේ පැහැදිළි කිරීමක් කරන බවට විවිධ පාර්ශව විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් අගමැතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් හටගෙනන තිබිණි.

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ද මාධ්‍ය හමුවක දී කියා සිටියේ අගමැතිවරයාගේ මෙම සංචාරය පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමේ විය හැකි බවයි.

එසේ වුව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම සංචාරයේ දී අගමැතිවරයා පාප් වහන්සේ හමුවීමක් සිදුනොවන බවයි.

Related articles

Recent articles

spot_img