විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනය කිරීමේ දී ආනයනයට වැයවන මුදල හා සමාන මුදලක් (100%) තැන්පතුවක් ලෙස තැබිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික වර්ගීකරණ 11 යටතේ මෙරටට අත්‍යාවශ්‍ය හා හදිසි නොවන භාණ්ඩ 623ක් සඳහා එම තැන්පතු තැබිය යුතු බව මහ බැංකුව තීරණය කර ඇත.
මෙම තැන්පතුව ආන්තික මුදල් තැන්පතුවක් (Cash margin deposit) ලෙස හඳුන්වයි.
සැප්තැම්බර් මස 08 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැසිවීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
විශාල වශයෙන් සිදුකෙරෙන ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ වෙළෙඳ පොළ ද්‍රවශීලීතාව රැකගැනීම එහි අරමුණයි.
එ අනුව බලපත්‍රලාභී වාණිජ බැංක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (එල්.සී.) සහ ප්‍රතිග්‍රහණය මත ලියිවිලි (ඩී.ඒ) ලබාදීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය මෙය ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් මීට ඉහත දී මෙලසෙ ආන්තික මුදල් තැන්පතු කිරීම 110% දක්වා වැඩි කර තිබූ අවස්ථා ද මෙරට බැංකු ක්ෂේත්රයේ ඉතිහාසයේ වාර්තා වී තිබිණි.
එලෙස ආනයනය කරන භාණ්ඩවලට අදාල මුදල් තැන්පත් කිරීමට මහ බැංකුව මගින් නියෝග කළ ද වාණිජ බැංකු වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම ගනුදෙනු කරුවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම මීට ඉහත ද සිදුව ඇත.
යම් පුද්ගලයකුට යම් ද්‍රව්‍ය තොගයක් ආනයනය කිරීමේ දී එහි වටිනාකම හා සමාන මුදල් තැන්පතුවක් සිදුකිරීමට අවශ්‍ය අවස්ථාවල දී එවැනි මුදලක් ගනුදෙනුකරු සතුව නොමැතිනම් බැංකුව සිදුකරන්නේ එවැනි පුද්ගලයකු සතුව ඇති දේපල ඇපයට තබා ණයවර ලිපි හෝ ප්‍රතිග්‍රහණ මත ලිපි නිකුත් කිරීමයි.
නැතිනම් ගනු දෙනුකරුට බැංකුවෙන් ම ණයක් ලබා දී එම මුදල යළි ඇපයක් ලෙස රඳවාගෙන අදාල කාර්යය කර දීම ද සිදුවෙයි.
මහ බැංකුවේ මෙම තීරණය අනුව එවැනි දේපලක් ඇපයට තබා කටයුතු කිරීම කළ නොහැකි වුව ද බැංකුවට එවැනි දේපළක් ඇපයට ගෙන ණයක් ගනු දෙනුකරුට ලබා දී අවශ්‍යතාව ඉටුකරදීමට හැකියාව ඇත. එමනේම පෙර පරිදිම ණය මුදලක් ලබා දී එය රඳවාගෙන ණයවර ලිපි නිකුත්කිරීම හෝ ප්‍රතිග්‍රහණ මත ලිපි නිකුත් කිරීමට හැකිියාව ඇත.
කෙසේ වුවත් මෙලෙස 100%ක ආන්තික මුදල් තැන්පතුවක් අත්‍යාවශ්‍ය බවට පනවා ඇති කොන්දේසිය අනුව අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය යම් තරමකින් සීමා වනු ඇත.
මේ අනුව සීමාවන අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩවල ලේඛනය පහත දැක්වේ.
භාන්ඩ ගෙන්වීමට ඇති දමා ඇති සම්බාධකය
ඒ නිසාම අද දරුවෙකුට ඇපල් කෑල්ලක් චොකලට් එකක් නැතිවිය එයද අද ගොඨා ගේ චෞව්ර වලල්ටම කිරීමට පිඹරු පත් සාදා දීඇත උන්ගේම මඩිය තරකර ගැනීමට කල උපායකි වැඩි මිලට ඔය භාන්ඩ සියල්ලම වෙළද පොලට එනුඇත කලු සල්ලි සුදු වූවා සේම හොරු දැන් භාන්ඩ ගෙන්වීමට හැක එකම ජාලාවක් වනු ඇත සීනි හාල් මේ සියලුම දේ උන්ගේම චොවුර වලල්ල සතුය