-5.9 C
New York

ගාල්ල‍ේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා

Published:

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ, යක්කලමුල්ලේ කරාගොඩ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක විසින් බිහිකරන ලද පිරිමි දරුවෙකි.

දරුවා ලැබීම සඳහා සැප්තැම්බර් මස 05 වැනි දින මහමෝදර රෝහලට ඇතුළත්වීමට වෛද්‍යවරුන් විසින් දින ලබා දී තිබිය දී 02 වැනි දා ඇයට අපහසුතා දැනීම හේතුවෙන් රෝහල් ගත වී තිබිණි. එම අවස්ථාවේ දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබුණේ ඇය කොරෝනා ආසාදිත කාන්තාවක් බවයි.

ඉන් අනතුරුව ඇය පසුගිය 05 වැනි දා දරුවකු බිහිකළ ද එම පිරිමි දරුවා උපදින විට ද මියගොස් සිටියේය.

මෙම බිළිඳාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රවීන්ද්‍රන් දරුවාගේ සිරුරේ පටක සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති බැවින් මරණ සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදීමට හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කටයුතු කරන ලදී.

Related articles

Recent articles

spot_img