spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ ව්‍යාපාර මිල දී ගනිමින් එක්ස්පෝ ලංකා සමාගම පෙරැළියක් කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 36,008ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,793ක් ලෙස සටහන් විය.

දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 222කින් ඉහළ ගිය අතර ගනු දෙනු අවසානයේ එය ඒකක 8,986ක් ලෙස සටහන්විය.

වැඩිම වටිනාකමක් සහිතව අද කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,697යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,252යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 400ක් ලෙස කැපී පෙණිනි.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 129යි, එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 19යි, නේෂන් ලංකා සමාගම කොටස් මිලියන 18යි ලෙස ප්‍රධාන විය. දිනයේ වැඩිම ප්‍රතිශතයින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බලංගොඩ වැවිළි සමාගම 20% කින් ද, කලම්බු ලෑන්ඩ් සමාගම 16%කින් ද, කීල්ස් හොටෙල්ස් සමාගම 13%කින් ද දෛනිකව මිල ඉහළ යාම දක්නට ලැබිණි.

අද දිනයේ දී ද සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම් අතර සම්පත් බැංකුව කොටස් මිලියන 03ක් රුපියල් 51.10 බැගින් ද, කොටස් මිලියනයක් රුපියල් 51.50 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් 250,000ක් රුපියල් 143.00 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිිත) කොටස් 200,000ක් රුපියල් 130.00 බැගින් ද එක්ස්පෝ ලංකා සමාගම කොටස් 600,000ක් රුපියල් 176.00 බැගින් ද ගනුදෙනු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 410ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 305ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනය තුළ පමණක් රුපියල් මිලියන 105ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙට ආයෝජනය කර තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර නෙස්ලේ සමාගම රුපියල් මිලියන 110යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 20යි සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 20යි ලෙස සටහන් විය.

විදේහීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් ලෙස ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 12යි, රෝයල් සෙ‍රමික් සමාගම රුපියල් මිලියන 07යි, වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05යි ලෙස කැපී පෙණිනි.

අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 342ක වත්කම් හිමිකරගනිමින් එක්ස්පෝ ලංකා සමාගම ප්‍රමුඛ වූ අතර රුපියල් බිලියන 266ක වත්කම් හිමිකරගනිමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රැඳී තිබිණි.

ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය සම්බන්ධව ප්‍රබල ගැටලුවක් තිබිය දී පවා මනා කාර්යක්ෂමව ක්‍රියාත්මක වන එක්ස්පෝ ලංකා සමාගම විසින් එක්සත් ජනපදයේ ව්‍යාපාර සිදුකරනු ලබන Complete Transport System LLC සමාගම සම්පූර්ණයෙන් ඩොලර් මිලියන 6.1ක මුදලක් ගෙවා  ඊයේ (08) දිනයේ මිල දී ගෙන තිබේ. එක්ස්පෝ ලංකා සමාගම මේ ආකාරයෙන් ම 2021 අගෝස්තු 10 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සමාගමක් වන Idea Logestic LLCසමාගම ද ඩොලර් මිලියන 9.7ක් ගෙවා සම්පූර්ණයෙන් මිලට ගන්නා ලදී.

මෙය ඉතා කෙටි කාලසීමාවක් තුළ මුහුදින් සහ ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන එක්ස්පෝ ලංකා සමාගම විසින් අත්පත් කරගත් විදේශ ව්‍යාපාර දෙකක් වන අතර එය ශ්‍රී ලාංකීය සමාගමක් විසින් මිල දී ගැනීම සාඩම්භර කාරණයක් වේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මෙතෙක් කිසිදු සමාගමක් රුපියල් බිලියන 400ක වත්කම් සීමාව ඉක්මවා නොමැති අතර එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් එම සමාගම රුපියල් බිලියන 400 සීමාව ඉක්මවීමට සමත්වේද යන්න පිළිබඳ ආයෝජකයන් විමසිල්ලෙන් සිටියි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!