-5.9 C
New York

එන්නත් නොගෙන මඟහැරීමට තැත් දැරූ කතුන් හතරක් ගාල්ලේ දී අත්අඩංගුවට

Published:

ගාල්ලේ එන්නත්කරණය සිදුවන ස්ථානයට පැමිණ එන්නත් ලබාගත් බවට කාඩ් පතේ සළකුණු කරගෙන එන්නත් ගැනීම මඟහැර ගිය කාන්තාවන් සිව් දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනේ දී ඔවුන් හතර දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට එක්තරා ආගමිකයන් පිරිසක් එන්නත් නොගෙන කාඩ්පත් සළකුණු කරගත් පසු එම ස්ථානයෙන් බැහැරව යන බවට ලැබී තිබූ තොරතුරක් අනුව විමසිල්ලෙන් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔවුන් සිව්දෙනා අල්ලාගෙන තිබිණි.

පෝළිමේ සිට එන්නත් කරණ මධ්‍යස්ථානයට ඇතුළු වූ මොවුන් එන්නත්කරණයට නියමිත කාඩ්පත පුරවා එන්නත ගන්නා ස්ථානයට යැවූ පසු එම ස්ථානයට ගොස් එන්නත නොගෙන එන්නත් ගැනීමෙන් පසු විනාඩි කිහිපයක් විවේකීව සිටීමට වෙන්කර ඇති ස්ථානයේ රැඳී සිට එතැනින් ඉවත්ව යාමට උත්සාහ ගෙන තිබේ.

ඔවුන් හතර දෙනා අල්ලාගත් සෞඛ්‍ය නිලධාරීන් ගාල්ල මූලස්ථාන පොලිසියට මේ බව දැනුම් දී ඇත. පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම කාන්තාවන් සිව්දෙනා අතරින් එක් කාන්තාවක් පවසා ඇත්තේ තමන් පළමු මාත්‍රාව ද මේ ආකාරයෙන් ම කාඩ් පතේ සළකුණු කරගෙන නොගෙන මඟහැරිය බවයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙලෙස සමාජයේ ඇතැම් පිරිස් එන්නත් නොගෙන කාඩ්පත පුරවාගැනීම හේතුවෙන් කොරෝනා මර්ධන කාර්යය සම්පූර්ණයෙන් ම අඩාලවන බවයි.

Related articles

Recent articles

spot_img