-1.1 C
New York

ආණ්ඩුව විවේචනය කිරීමට, දේශපාලනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව මැතිවරණ කොමිසම පොලිසියට සිහිපත් කරයි

Published:

දේශපාලන පක්ෂයකට තම දේශපාලන කටයතුු සාමකාමීළු හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිදු නීතිමය අවහිරයක් නොමැති බවත් මැතිවරණ කොමිසම් සභාව පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම් සභාවේ ලේකම් හේ.මු.දි.ති.හේරත් විසින් අත්සන්කර යවන ලද එම ලිපියේ සඳහන් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මැතිවරණ කොමිසමට එවන ලද ලිපියකට අනුව මෙම ලිපිය යොමුකරන බවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ තම මතවාද ජනතාව අතර ගෙන යාම සඳහා නීත්‍යානුකූළ ක්‍රියාකාරකම් කිරීමට හැකියාව ඇති අතර ආණ්ඩුව විවේචනය කිරීමට ද නීතිමය බාධාවක් නොමැති බවයි.

එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති කරුණු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල කාරණයක් ලෙස මැතිවරණ කොමිසම සළකන බව ද එහ ලිපියේ දක්වා ඇත.

යම් අයකු නීතිය උල්ලංඝනය කරන්නේ නම් ඒ සම්බන්ධව පවතින නීති ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා කිරීමේ වගකීම පොලිසිය සතුවව ඇති බවත් එය නීතියට අනුකූළව සිදුවි යුතු බවත් මැතිවරණ කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. එසේ ක්‍රියාකිරීමේ දී නීතිය අවභාවිතා කිරීමට පොලිිසයට හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන්ට හෝ හිමිකමක් හෝ හැකියාවක් නොමැති බව ද බලහත්කාරය හෝ තර්ජනය කිරීම හෝ නීතියට පරිබාහිර අත්අඩංගුවට ගැනීම් හෝ සිදුකිරීම නොකළ යුතු බව ද එම ලිපියෙන් දැනුම් දී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මැතිවරණ කොමිසටම එවන ලද ලිපියේ පිටපතක් ද පොලිස්පතිවරයා වෙත යොමුකරමින් එහි සඳහන් කරුණු පිළිබඳ පරීක්ෂා කර නීතියට පරිබාහිරව සිදුවන සිදුවීම් තිබේනම් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙලස ද දැනුම් දී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත යොමුකරන ලද ලිපියේ සඳහන් වන්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පැවැති උද‍්ඝෝෂණයෙන් පසු එයට සම්බන්ධ වූ ශිෂ්‍ය, ආචාර්ය, කම්කරු සහ අනෙකුත් සංවිධානවල ක්‍රියාකාරිකයන් පොලිසිය සහ පෙපාලිසිය ලෙස පෙනී සිටි සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායම් විසින් අත්අඩංගුවට හා පැහැර ගැනීම් කළ බවයි. එය තම පක්ෂයට දේශපාලනය කිරීෆම් අයිතියට පොලිසිය කරන ලද බාධාවක් බව ද එම පක්ෂය පෙන්වා දී ඇත.

මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපි‍ේ පිටපතක්

Related articles

Recent articles

spot_img