-5.9 C
New York

සමගි ජන බලවේගයට සහය දුන් එජාප මන්ත්‍රීන් ඉවත්කිරීමට එරෙහිව වාරණයක්

Published:

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට සහය පළකිරීම හේතුවෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයාට යවා ඇති ලිපියක් සඳහා අද (08) කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ හර්ෂනී කණ්ඩම්බි, හබරාදුව ප්‍රාදේශීය සභාවේ රෝහණ ප්‍රියන්ත සහ මනුජිත් ළමාහේවා යන අය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරමින් සහ ඔවුන්ගේ මන්ත්‍රීධූර වෙනුවට වෙනත් අය පත්කිරීම වළක්වන ලෙස ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ දිසා විනිසුරුවරයා මෙම වාරණ නියේාගය නිකුත් කළේය.

ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කිරීමේ ලිපි ප්‍රකාරව තවදුරටත් වෙනත් කිසියම් හෝ පියවර ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විනය කමිටු ලේකම් වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චිගේ උපදෙස් මත නීතිඥවරුන් වන තාරක නානායක්කාර, හර්ෂණ එම් ද සිල්වා සහ බුඩ්වින් ඉෂාර සිරිවර්ධන පෙනී සිටියහ

එක්සත් ජාතික පක්ෂය පැමිණිලිකාර මන්ත්‍රීවරුන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ස්වභාවික යුක්තියේ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝණය කරමින් කරයුතු කර ඇති බවත් එබැවින් ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම නීතියෙන් අවලංගු සහ ශුන්‍ය බවටත් පැමිණිලිකරුවන් ගේ  නීතීඥ තාරක නානායක්කාර  විනිශ්චිත නඩු කිහිපයක් ඇසුරින් කරුණු ගෙනහැර දැක්වූයේය.

මෙම වාරණ නියෝගය ලබන සැප්තැම්බර් මස 22 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර එදින යළි පෙත්සම විභාග කිරීම සිදුකරයි.

Related articles

Recent articles

spot_img