-4.8 C
New York

කොරෝන මරණ ප්‍රභූ හා ප්‍රභූ නොවන ලෙස වෙන්කර සෞඛ්‍ය ලොක්කෝ සතුටු වෙති

Published:

කොරෝනා ආසාදනයෙන් ප්‍රභූ පුද්ගලයන් මියගොස් ඇත්තේ 80කට ආසන්න පිරිසක් පමණක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (07) මාධ්‍යයට පවසා තිබිණි.

රටේ සියළු වැසියන් එකම මානව වර්ගයක් ලෙස සැළකිය යුතු සෞඛ්‍ය අංශයේ ප්‍රධානියකු එලෙස පිරිසක් වර්ගකර දැක්වීම පිළිබඳව සමාජයනේ දැඩි විරෝධ‍යක් එල්ල වෙමින් පවතී.

මෙම පුද්ගලයා පවසන්නේ දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙණුනු පද්ගලයන් මෙකෙත් මියගොස් ඇත්තේ 80කට ආසන්න පිරිසක් පමණක් බවයි.  එමෙන් ම ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු කලාකරුවන් 300කට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම පවසයි.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මැති ඇමැතිවරුන් 27 දෙනකුට ද කොරෝනා ආසාදනය වී තිබෙන බවයි.

සෞඛ්‍ය ආමාත්‍යාංශය ප්‍රභූවරුන්යැයි සළකන පිරිස අතර හිටපු අමාත්‍යවරයෙකුවූ මංගල සමරවීර, හිටපු කතානායකවරයකුවූ වි.ජ.මූ ලොකුබණ්ඩාර, සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු , කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්(කිලී මහරාජා), ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, යුද හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඩී උදයසේන, එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ ඩග්ලස් ප්‍රනාන්දු , රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන,  නීතීඥ සමාගමේ සභාපතිනී නීතිඥ ගෞරි තවරාසා යන යන පිරිස ද මෙම ප්‍රභූවරුන් අතර සිටින බවයි.

‍වයිරසයට කෙනෙකුගේ රැකියාව, සමාජ තරාතිරම, ප්‍රසිද්ධිය, ඔහුගේ කුසලතා, ධනවත් බව හෝ වෙනත් කිසිම සාධකයක් අදාල නොවේ.

රටක සෞඛ්‍ය අමාත්‍යාංශයට ද එය එසේම විය යුතුය. ප්‍රභූවරුන්ට එක් ආකාරයකින් සැළකීමටත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකින් සැළකීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ නම් එමගින් රටේ කොරෝනා වසංගතය මර්ධය කිරීමට නොහැකි වනු ඇත.

එවැනි තත්වයක් තුළ මෙරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව පෙරේදා (06) වනවිට 10,504කි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රභූන් 80ක් පමණක් මියගොස් ඇතැයි පවසමින් අන් ජනතාව මිනිසුන් නොවන මට්ටමට ඇඳ දැමීමට උත්සාහ කිරීම බරපතල ගැටලුවකි.

Related articles

Recent articles

spot_img