-4.8 C
New York

මව, පියා සහ දියණිය කොරෝනා සෑදී මරුට. පියාගේ සිරුර හොරෙන්ම වළ දාලා

Published:

පුත්තල වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මව, පියා සහ දියණිය තිදෙනාම කොරෝනා ආසදානය වී මියගොස් පියාගේ දේහය හොර රහසේ ම වෙප්පමඩුව සුසාන භූමියේ මිහිදන් කර ඇතැයි පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.

පියා මියගොස් ඇත්තේ පසුගිය 04 වැනි දා ය. ඔහුගේ දේහය ග්‍රාම නිලධාරීවරයකුගේ නිර්දේශය මත හොර රහසේම වෙප්පමඩුව පොදු සුසානභූමියේ මිහිදන් කර ඇත. මව සහ දියණිය ඊයේ (06) මියගියහ

මේ සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිරුර මිහිදන් කිරීමට අවසර දුන් ග්‍රාම නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබේ.

පුත්තල සෞඛ්‍ය අංශ පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන නියෝගය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවයි.

Related articles

Recent articles

spot_img