-5.9 C
New York

කොරෝනා මරණ 180ක් වාර්තා වේ

Published:

කොරෝනා ආසාදනය වී පුද්ගලයන් 180ක් ඊයේ (05) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම 180 දෙනා අතර වයස අවරුදු 30ට අඩු පිරිමි පුද්ගලයන් 05 දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සිටින අතර වයස අවුරුදු 30-59ත් අතර පිරිමි පුද්ගලයන් 24ක් හා කාන්තාවන් 16 දෙනකු සිටියි. වයස අවුරුදු 60 ඉක්මවූ කාන්තාවන් 65 දෙනකු හා පිරිමි පුද්ගලයන් 68 දෙනකු ද මියගොස් ඇති බව දැනුම් දී ඇත.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ වාර්තා කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,320 දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img