ලෝක පූජිත ක්රිකට් කීඩකයකුගේ මස්සිනා බවට පෙනී සිටින අයකු සමඟ එක්ව හබරණ වනාන්තරයේ නිදන් සොයමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පුද්ගලයන් 07 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කන්තලේ බළකා කඳවුරට ලැබුණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බෝර දමා ගල් කඩා විශාල වළවල් හාරමින් සිටි බව ද වැටලීම සිදුකළ නිලධාරන් පවසයි.
එම කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා ලෝක පූජිත ක්රිකට් ක්රීඩකයකුගේ නමක් සඳහන් කරමින් තමන් ඔහුගේ මස්සිනා බවත් ගැටලුවක් මතු නොවන බවත් අනෙක් පිරිසට පවසා ඇති බව ද හෙළි වී ඇත.
එසේ වුව ද සිදුකළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඔහු එම ක්රිකට් ක්රීඩකයාට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.