-5.9 C
New York

හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්

Published:

හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති.

පසුගිය සතියේ, ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුකළ පැය 12ක සැත්කමකින් වෙන්කළ දැරියන් සුවෙන් පසුවන බව සඳහන් වෙයි. වෛද්‍යවරුන් පවසන්නේ සැත්කම සඳහා මාස ගණනක සිට සූදානම් වූ බවයි. හිසකෙස් බද්ධ කිරීම ඇතුළු සියලුම කාර්යයන් එයට ඇතුලත් වූ බව ඔවුහු පවසති.

සැත්කම සඳහා ඊශ්‍රායල සහ විදෙස් වෛද්‍යවරුන් 12 දෙනෙක් සහභාගී වූහ.

ලොව පුරා මෙවැනි සැත්කම් සිදුකර ඇත්තේ 20ක් පමණ වන අතර ඊශ්‍රායලයේ සිදුකළේ පළමු වතාවට ය.

ඉපැදී වසර දෙකකට පසු සැත්කම සිදුකළ අතර හිසින් බද්ධ වී සිටියද දැරියන් එකිනෙකාගේ මුහුණ දුටුවේ වසර දෙකකට පසුවය.

“ඔවුන් තනිවම හුස්ම ගනිමින් සහ ආහාර ගනිමින් සිටිනවා,” යනුවෙන් සොරොකා හි ප්ලාස්ටික් සැත්කම් අංශයේ ප්‍රධානී එල්ඩාඩ් සිල්බර්ස්ටයින් පවසයි.

ස්නායු ශල්‍ය වෛද්‍ය මිකී ගිඩියොන් පවසන්නේ, “අප බලාපොරොත්තු වූ පරිදි සියල්ල හොඳින් සිදුවිය,” යනුවෙනි.

සුවය ලැබූ පසු දැරියන් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගතකරණු ඇතැයි අපේක්ෂා කෙරේ.

https://www.bbc.com/news/world-middle-east-58458587

Related articles

Recent articles

spot_img