-4.8 C
New York

“පාසල් විවෘත කරන්න යැයි මා කීවේ නෑ” මහාචාර්ය නීලිකා කියයි

Published:

පාසල් විවෘත කළ හැකියැයි තමන් කීවේ නැතැයි මහාචාර්ය නීලිකා මලවිගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පාසල් විවෘතකළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ කියූ බව මෙරට මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි ගණනාවකින් වාර්තා කර තිබිණි.

ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්

පාසල් විවෘත කළ හැකි බවට මහාචාර්ය මලවිගේ ප්‍රකාශයක් කළේ යැයි යන පුවතට මෙරට ප්‍රධාන මාධ්‍ය තුළින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල ප්‍රචාරයක් ලැබිණි. නමුත් කොරෝනා වසංගතයේ දැනට පවතින ව්‍යාප්තිය පිළිබඳ සැළකූ විට ඇය එවැනි ප්‍රකාශයක් කළාය යන්න පිළලිබඳ වගකිව යුතු මාධ්‍යයක් ලෙස rata.lk අපිට විශාල ගැටලුවක් විය. කවුරුන් එම පුවත වාර්තා කළ ද නීලිකා මලවිගේ මහාචාර්යවරියගෙන් යළි එය විමසා බැලිය යුතු බැවින් අපි එය කිසිස‍ේත්ම අපගේ පාඨකයන් වෙත ගෙන ආවේ නැත. එම ප්‍රකාශය ඇය කළා යැයි කියන දිනයේ පටන් අද දක්වාම ඇය සම්බන්ධ කරගැනීමට නොහැකි වුව ද අද උදෑසන ඇය ඉහත දැක්වෙන ට්විටර් පණිවිඩය තබා තිබිණි.

මහාචාර්යවරිය පවසන්නේ එවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවයි. ඔන්ලයින් සාකච්ඡාවක දී පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳ ඇය පවසා ඇති අතර එහි දී ඇය පෙන්වා දෙන්නේ ලොක්ඩවුන් තත්වය ක්‍රියාත්මකවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බැවින් එලෙස වසංගත තත්වය අඩුවූ විට වෙනත් රටවල ද පාසල් ආරම්භ කළ ආකාරය සැළකිල්ලට ගනිමින් මෙරට පාසල් විවෘත කිරීමට හැකියාව ඇති බවයි.

නමුත් ඇය පැවසූ කරුණු විකෘති කරමින් ඇතැම් මාධ්‍යය වැරදි පුවතක් පළකර තිබිණි.

ඇයගේ අන්තර්ජාල සාකච්ඡාව

Related articles

Recent articles

spot_img