-5.9 C
New York

පුත්තලම රෝහලේ ගැටුමක්. හතර දෙනකු රෝහල්ගත කරයි

Published:

පුත්තලම රෝහලේ දී පීසීආර් පරීක්ෂණ කරගැනීමට පැමිණි පරිසක් හා ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් 04 දෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

ආර්කෂකයන් සමඟ ගැටුම ඇතිකරගෙන තිබෙන්නේ නොරොච්චෝල ලක්විජය තාබ විදුලි බලාගාරයේ සෙව්කයන් කිහිප දෙනෙකි.

ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා රෝහලට පැමිණ සිටිය දී කිසියම් සිද්ධියක් ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම ආරක්ෂක අංශ විසින් වැළැක්වීමේ දී මෙම ගැටුම හටගෙන තිබේ. වීඩියෝ නොකරන ලෙසත් වීඩියෝ කළ කොටස් මකා දමන ලෙසත් ආරක්ෂකයන් විසින් දැනුම් දීමෙන් බහන් බස්වී පසුව ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

‍පුත්තලම පොලිසිය පවසන්නේ පහරකෑමට ලක්වූ ආරක්ෂකයන් දෙදෙනකු හා පහර දුන් බවට පැවසෙන දෙදෙනකු ද තුවාල ලබා ඇති නිසා රෝහල්ගත කර සිටින බවයි. ඔවුන් දෙදෙනා ‍ොලිස් ආරක්ෂාව යටතේ පසුවෙති.

Related articles

Recent articles

spot_img