spot_img

ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.

පුවත්

විදෙස්

ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ.

ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී රෝද රථය පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

තනිපොල්ගහ ප්‍රදේශයේ දී ගවයා රථයෙන් පැනීමට උත්සාහ දරා ඇති අතර ප්‍රදේශවාසීන් ත්‍රී රෝද රථය නතර තිබේ. මේ අවස්ථාවේ දී ගවයා ගෙන යමින්සිටි පුද්ගලයා ඔවුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

එම ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටි ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාට සිද්ධිය පිළිබඳ දැනගන්නට ලැබී එතැනට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙම ගවයා ඝාතනය කිරීම සඳහා රැගෙන යමින් තිබූ බවට සැකකරන බවයි. අත්අඩංගුවට ගත් සැකකුරු අද (19) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නියෝගය මත මේ වනවිට එම ගවයා ගාල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඇති අතර පලාගිය ත්‍රී රෝද රථය සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles