-5.9 C
New York

කාන්තාවකගේ දැලි පිහි පහරින් දැරණියගල සභාපතිගේ නාසය කැපේ

Published:

කාන්තාවකගේ දැලි පිහි පහරකින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීයාම හේතුවෙන් ඔහු දැරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටි සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවයකට කඩයක් අසළ සිය රථය නැවතූ විට එතැනට ආ කාන්තාවක් දැලි පිහියකින් ඔහුට පහරදීමට උත්සාහ ගෙන ඇති බවත් එහි දී එය වැළැක්වුව ද නාසය කැපී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව දැරණියගල පදිංචි බවත් සභාතිවරයාගේ සමීප හිතවතියක බවත් අනාවරණයවී ඇත.

සීතාවක පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img