-5.2 C
New York

ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැළසුම් කරයි. දින ස්ථිර නෑ

Published:

සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා සැළසුම් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එච්.ඩී.ධර්මසේන දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් කීවේය.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දින, උසස් පෙළ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 ද්කවා සහ 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය 2022 වර්ෂයේ පෙබරවාරි 21 සි මාර්තු මස 03 දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙන බව ඔහු පවසයි.

‍අතිරේක ලේකම්වරයා එහි දී මෙසේ ද කීවේය.

“දරුවන් දැඩි පීඩනයක ඉන්නේ. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම් ගැන සළකා බලන්නට සිදුවෙනවා. ඒ වගේ ම ප්‍රායෝගික පරීක්ෂණ කරන්නත් සිදුවෙනවා. විභාග සැළසුම් කර තිබුණත් ඒ දිනවල අනිවාර්යයෙන් ම තියෙනවා කියා කිව නොහැකියි. අපිට අනිවාර්යයෙන් ම විභාග තියන්න අවශ්‍යයි. රටේ ඇති වසංගත තත්වයත් සළකා බලා මේ තීරණ ගත යුතුයි.”

Related articles

Recent articles

spot_img