-5.9 C
New York

වයස 20-30ත් අතර කොළඹ පදිංචි සැමට හෙට සිට සයිනොෆාම් එන්නත

Published:

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 20 – 30 ත් අතර තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන 9.00 සිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.

නගරාධිපතිනි රෝසි සේනානායක පවසන්නේ කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම කොට්ඨාසවල පදිංචි අය සඳහා ස්ථාන 06ක දී හෙට සිට එන්නත් කිරීම ආරම්භ වන බවයි.

එන්නත් ලබාදෙන ස්ථාන පහත සඳහන් කර ඇත.

  • සුගතදාස ක්‍රීඩාංගණය
  • ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ෆෝබ්ස් පාරේ ප්‍රජා ශාලාව
  • කැම්බල් පාර්ක්
  • ශාලිකා හෝල්
  • රොක්සි උද්‍යානය

Related articles

Recent articles

spot_img