-5.9 C
New York

“එන්නත ගත්තානම් මට මගේ දුව නැති වෙන්නේ නෑ” මවක් හඬා වැළපෙයි

Published:

“මගේ දුවට කොරෝනා එන්නත ලැබුණා නම් එයා මේ විදියට මැරෙන්නේ නෑ.” යැයි කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි දී මියගිය සිසුවියකගේ මව හැඬූ කඳුළින් මාධ්‍ය හමුවේ පවසන්නීය.

තම දියණියට එන්නත ලබා දෙනන් යැයි බලකළ යුතුව තිබුණා යැයි ද ඇය පවසයි.

බ්‍රෙනා ග්‍රේ නමැති 19 හැවිරිදි තරුණිය සැප්තැම්බර් මාසයේ දී නවාරෝ විද්‍යාලයට ඇතුළත්වීමට නියමිතව සිටියාය. එසේ වුව ද පසුගිය ජූලි 31 වැනි දා කොරෝනා ආසාදනය වී ඇය ඉන් සතියකට පසු රෝහල්ගත කර තිබිණි.

ඇගේ මව තබීනා ග්‍රේ පවසන්නේ තම දියණියට වෙනත් කිසිදු අසනීප තත්වයක් නොතිබූ බැවින් එන්නත නොගැනීමට ඇය තීරණය කර තිබූ බවයි.

ඇය රෝහල් ගතකර සති දෙකකට පසු ඇගේ තත්වය අසාධ්‍ය වී තිබේ. ඉතා ඉක්මණින් ඇයට ශ්වසන ආධාරක ලබාදීමට ද වෛද්‍යවරු කටයුතු කළහ.

“අන්තිමට මගේ දරුවා කතා කරන වෙලාවේ මම එයාව පුළුවන් තරම් අස්වැසුවා. එයා කෑ ගැහුවා. ඔක්සිජන් දීලා තිබුණේ. මට අන්තිමට ඇහුණේ මගේ දුව වේදනාවෙන් කෑ ගහනවා. මට අන්තිම මොහොතේ මගේ දරුවාට උදව් කරන්න බැරි වුණා. ඒ තමයි ලෝකයේ තියෙන නරකම හැඟීම” මියගිය තරුණියගේ මව තබීතා ග්‍රේ Fox 4 නාලිකාව සමඟ කීවාය.

“ මම කවදාවත් හිතුවේ නැහැ මගේ දරුවා මට කලින් යාවි කියලා.”

මේ වනවිට තබිතා සහ ඇගේ සැමියා ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

උතුරු ටෙක්සාස් හි මේ වනවිට හමුවන කො‍රෝනා ආසාදිතයන්ගෙන් 95%ක් ම එන්නත් නොකළ අය බව සෞඛ්‍ය අංශ පවසයි

බ්‍රෙනාගේ අවමංගල්‍යයෙන් පසු ඇගේ නිවස මල්වලින් පිරී ඇතත් තබිතා පවසන්නේ දියණිය නැතිවව නිවස හිස්ව ඇති බවයි.

“අපේ ගෙදර දැන් නිහඬ වෙලා. එය පාළුවට ගිහින්. කොරෝනා සෙල්ලමක් නෙවෙයි. මට ඇයට එන්නත ලබාගන්න යැයි බලකරන්න තිබුණා. එන්නත නොගත් නිසා ඇය අපිට අහිමිවුණා.” ඇය පවසයි

https://www.yahoo.com/news/mother-college-student-died-screaming-090100015.html

Related articles

Recent articles

spot_img