9.2 C
New York

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

Published:

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල 4,000ක් පමණ ස්ථාපිත කර තිබේ.

කොරෝනා වසංගත තත්වය යටතේ වුව ද රජයේ කාර්යාලවලට ලිපි පමණක් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරමින් තිබුණ ද සාමාන්‍ය තැපැල් සේවා ආරම්භ කළ හැකි දිනයක් පිළිබඳ කිසිදු තීරණයක් නොමැති යැයි ද තැපැල්පතිවරයා පවසයි.

Related articles

Recent articles

spot_img