-4.8 C
New York

අසැබි දර්ශන පටිගත කළ තරුණයාට කොරෝනා නිසා දෙදෙනාටම පොලිස් ඇප

Published:

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසැබි ලෙස හැසිරෙමින් වීඩියෝ දර්ශනයක් සැකසුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් තරුණිය ආශ්‍රිතයකු වීමත් හේතුවෙන් ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් දෙදෙනාට ලබන 16 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින සෙ දැනුම් දී තිබේ.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව  අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ දී ය.

අත්අඩංගුවට ගත් තරුණයා මහරගම පදිංචි ඡායාරූප ශිල්පියෙක් බවත් තරුණිය ඇල්පිටියේ පදිංචි රූපලාවන්‍ය ශිල්පිනියක බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img