-2.1 C
New York

නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයකු මරුට

Published:

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැළක දී හය දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් සැකකරු අයිඑස් සංවිධානයට සම්බන්ද දරුණු අන්තවාදියෙකු බවත් නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩ්න් පවසයි. සිද්ධිය දැඩි ලෙස හෙලා දකිමින් අගමැතිණිය පැවසුවේ, “අද සිදුවූයේ නින්දිත ක්‍රියාවක්, එය වෛරී සහගත වැරදි ක්‍රියාවක්.”

වසර 10කට පමණ පෙර නවසීලන්තයට ගොස් ඇති මෙම පුද්ගලයා සම්බන්දව 2016 වසරේ සිට ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටි බවද ඇය පැවසුවා ය. කෙසේවුවද නවසීලන්ත රජය, මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිකර නොමැත.

නව් ලින් හි ලින්මාල් සාප්පු සංකීර්ණයේ සිදුවූ මෙම සිදුවීමෙන් කලබලයට හා බියට පත්වූ බොහෝ පිරිස් හිස් ලූ ලූ අත දිවගිය බව මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝහල් ගතකර ඇති තුවාලකරුවන් හය දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

https://www.bbc.com/news/world-asia-58405213

Related articles

Recent articles

spot_img