-2.1 C
New York

ගාල්ල සතොසේ සීනි හොර පාරේ ද ? මාධ්‍යයට කිලෝ 03යි පාරිභෝගිකයන්ට කිලෝ 02යි

Published:

ගාල්ල බස් නැවතුම් පොළේ ඉහළ මහළේ පිහිටි සතොස වෙළෙඳ සැළේ කළමනාකාරවරයා මාධ්‍යයට එක් කතාවකුත් පාරිභෝගිකයන්ට තවත් කතාවකුත් කියයි.

මාධ්‍යවේදීන් එහි සීනි වෙළෙඳාම පිළිබඳ රූගත කිරීමට ගිය අවස්ථාවේ දී කළමණාකාරවරයා කියා සිටියේ එක් ගැනුම්කරුවෙකුට උපරිම සීනි කිලෝ ග්‍රෑම් තුනක් දෙන බවයි.

මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එහි පැමිණ සිටින ගැනුම් කරුවන් සඳහා ලබා දෙන්නේ සීනි කිලෝ ග්‍රෑම් දෙකක් පමණි.

මාධ්‍යයට කියන දේ සතොස කළමනාකරු ක්‍රියාවෙන් සිදුකරන්නේ නැත. සීනි කිලෝ ග්‍රෑම් 03ක් බැගින් ලබාදෙන බවට මාධ්‍යවේදීන් සමඟ කියන අයුරු අසා සිටි පාරිභෝගිකයන් ඒ පිළිබඳ ප්‍රශ්න කළ විට කළමනාකරු පවසන්නේ කිලෝ දෙක බැගින් නිකුත් කිරීමට පමණක් උප දෙස් ලැබී ඇති බවයි.

“මාධ්‍යයට කිලෝ ග්‍රෑම් තුනක් දෙනවා කියලා පාරිභෝගිකයන්ට දෙකක් දීලා ඉතිරි ඒවා කළු කඩවලට දෙනවා ඇති” යැයි පාරිභෝගිකයෝ කියති.

කෙසේ වෙතත් කළමනාකරු කිලෝ ග්‍රෑම් තුනක් බැගින් දෙන බව මාධ්‍යයට කීව ද ඔහු එය වීඩියෝ කැමරාවකින් පටිගත කිරීමට ඉඩ දුන්නේ නැත.

මීට පෙර සතොස මගින් එක් අයකුට ලබා දුන්නේ සීකි කිලෝ ග්‍රෑම් එකක් පමණි. මාධ්‍යවේදීන් පවසන්නේ ගාල්ල සතොසේ ප්‍රමාණවත් තරම් සීනි නොතිබූ බවයි.

Related articles

Recent articles

spot_img