-5.9 C
New York

“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Published:

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

ජනතාව සංචරණ සීමා අනුව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ නම් රට වසා දමා ඇති කාලයේ දී රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩුවන බවත් ඉන් පසු රට යළි විවෘතකළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔක්තෝබර් දෙවැනි සතිය වනවිට එන්නත් ලබාදීම අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින් ඉන් පසු රට සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි ද වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. එමෙන්ම බූස්ටර් එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නැතැයි ද ඔහුකීවේය.

Related articles

Recent articles

spot_img