එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ (POAC) තීන්දුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බ්‍රිතාන්‍යය තුළ එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම ඉවත්කරන ලෙස එම එල්ටීටීඊ පෙරමුණු සංවිධානය නමින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
යුරෝපා සංගමයේ රටවල් ඇතුළු ලෝකයේ රටවල් 30ක එල්ටීටීඊ සංවිධානය තවමත් තහනම් සංවිධානයක් ලෙස පවතී.