-2.1 C
New York

අසැබි දර්ශන පටිගත කළ ඇල්පිටියේ තරුණියත් මහරගම තරුණයාත් අත්අඩංගුවට

Published:

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල පසුබිම් කරගනිමින් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටයක් නිර්මාණය කළේ යැයි සැකපිට තරුණයකු හා තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටියේ පදිංචි 25 හැවිරිදි තරුණියකි.

මෙම තරුණිය තාවකාලිකව පන්නිපිටියේ නවාතැන්ගෙන සිටි බව ද ඔවුන් වෘත්තීය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ දර්ශනය නිර්මාණය කර ඇතැයි හෙළිවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසිය.

දම්සක් පදනමේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා විසින් පටිගත කරන ලද දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

Related articles

Recent articles

spot_img