-2.1 C
New York

එන්න කියා – යන්න කියා – එන්න කියා විදින එන්නත් හම්බ‍න්ත‍ොට තරුණ තරුණියන්ට

Published:

වයස අවුරුදු 20-30ත් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම අද (02) ආරම්භ කෙරිණි

අද (02) උදෑසන 8.30 සිට එන්නත් ලබාදීම ස්ථාන 10ක දී සිදුවන බව කලින් දැනුම් දී තිබූ අතර  ශ්‍රී ලංකා යුද හමුදාවව සහ ජාතික තරුණ සේවා සභාවේ සංවිධානයෙන් මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙලෙස එන්නත්කිරීමට නියමිතව තිබුණේ ෆයිසර් එන්නතයි.

එසේ වුව ද අද උදෑසන යළි දැනුම් දී තිබුණේ නොවළැක්විය හැකි හේතුවක් නිසා එම එන්නත්කරණ වැඩසටහන නවතා දැමීමට සිදුවූ බවකි.

ඒ වනවිටත් කලින් දැනුම් දී තිබූ ස්ථානවලට විශාල වශයෙන් තරුණ තරුණියන් එක්වී සිටි අතර දිග පෝළිම් ද දක්නට ලැබිණි. බොහෝ දෙනකු ආපසු හැරී ගිය අතර යළි සවස එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක දී පමණි.

රන්න සංස්කෘතික මධ්‍යස්ථානයේ දී, දෙබරවැව පොළ භූමියේ දී සහ අම්බලන්තොට මල්පෙත්තාව මහා විද්‍යාලයේ දී එලෙස එන්නත්කරණය සිදුකෙරිණි.

මේ පිළිබඳ විමසූ විට බලධාරීන් පවසන්නේ එන්නත් වැඩසටහන කලින් සැළසුම් කර තිබුණ ද එන්නත් ලැබීමේ ප්‍රමාදයක් සිදුවූ බැවින් එය අවලංගු කර දැමූ බවයි. නමුත් දහවල් එන්නත් ලැබුණු බැවින් හැකි පමණින් එන්නත් වැඩසටහන ආරම්භ කළ බව ද ඔවුන් කියයි.

මෙම එන්නත්කරණ වැඩ සටහන නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද පැමිණ සිටියේය.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Related articles

Recent articles

spot_img