-5.2 C
New York

පිරිත් බලේ සහ දොස්තර පාදෙණියගේ මොළේ

Published:

පිරිත් කියූ විට ජල අණුව වෙනස්වන බවත්, ඒ ගැන ජපානයේ පර්යේෂණ සිදුකර ඇති බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්ව සිටින සභාපති විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

මෙය ඔහු තම වෘත්තීය ගරුත්වය පවා කෙ‍ළසමින්, මෙරට පිළිගත් වෘත්තීය සමිතියක නිල නාමයන් පවා අව භාවිතා කරමින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයක් බව ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ දී පෙනී යයි.

මේ ලෝකයේ පැවැත්ම තියෙන්නේ ජලය හේතුවෙනි.

ජලය නැත්නම් කිසිදු ජීවියෙකුට පැවැත්මක් නැත.

ජලය සැකසී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් එකතුවීමෙනි.

මේ H2O කියන ජල අණුව H-O-H ලෙස රේඛීය පිහිටන්නේ නැත. එය කෝණිකය.  

මේ කෝණීය බව නිසා ජල අණුවේ එක් කෙලවරක සුළු ධන ආරෝපණයක් හා අනෙක් කෙලවරේ සුළු ඍණ ආරෝපණයක් තිබේ.

මෙහි ප්‍රතිඵලය වෙන්නේ අණු සියල්ල එකිනෙකට බැඳී ජලය ද්‍රව ස්වරූපයෙන් තිබීම.

ජල අණුව මේ ආකාරයට කෝණීය නොවූවානම් ජීවයේ පැවැත්මක් නැත.  

ඕනෑම දෙයක් දිය කර දැමීමට ජලයට හැකියාව ලැබී ඇත්තේ ද මේ කෝණික බව ‍හේතුවෙනි.

මේ ජල අණුවේ ස්වභාවය සුළුවෙන් හෝ වෙනස් වුවහොත් ජීවයේ පැවැත්මත් ඒ මොහොතේම නැතිවී යන බව පර්යේෂකයන්ගේ පිළිගැනීමයි.

නමුත් වෛද්‍ය පාදෙණිය කියන්නේ

”පිරිත් කිව්වාම ජල අණුව වෙනස් වෙනවා” යනුවෙනි.

විද්‍යාව ඉගෙන, වෛද්‍යවිද්‍යාලයට වෛද්‍යවරයකු වී ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයකු ද වී සිටින පාදෙණිය පවසන මේ කතාවට පාදක කරගෙන ඇත්තේ ජපානයේ සිදුකළා යැයි කියන පර්යේෂණයකි.

ඔහු ඒ ගැන ද සිය කතාවේ දී කියයි.

පිරිත් කීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ජල අණුවේ හයිඩ්‍රජන් පරමාණු දෙක අතර ඇති අංශක 105 ක කෝණය වෙනස් වුණොත් ජීවයේ පැවැත්ම නොමැති බව මහාචාර්ය ජේකේ.පී.ආරියරත්න ලියූ රසායන විද්‍යා ග්‍රන්ථයන් හි පැහැදිලිව දක්වා ඇත.

නමුත්, වෛද්‍ය පාදෙණිය පවසන ආකාරයට පිරිත් බලයෙන් ජල අණුව වෙනස් කළ හැකි යැයි කියා ජපානයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ ද ?

ඒ ගැන අපි සොයා බැලිය යුුතුයි.

අනුරුද්ධ පාදෙණිය වැනි ම පුද්ගලයකු ජපානයේ සිටියි. ඒ මසාරු ඉමොටෝ නමැති අයෙකි.

එවැනි අය ලොව පුරාම සිටිති.

ඔවුන් කරන්නේ විද්‍යාත්මක සිද්ධාන්ත තමන්ගේ හිතුමතයට විග්‍රහ කරමින්, අල්ලාහ් දෙවියන් ඇත්තය, ලෝකය දෙවියන් විසින් මැව්වාය, ලෝකය කියන්නේ විශාල ජීවියෙකුගේ ඇඟ ඇතුලේ තියෙන දෙයක්ය, යක්කු ඉන්නවාය, හැම කෙනෙකුගේ ම ඔළුව උඩ භූතයෙක් ඉන්නවාය වැනි කරුණු පැවසීමයි.

මොවුන් හඳුන්වන්නේ ව්‍යාජ විද්‍යාඥයන් (Pseudoscientist) යනුවෙනි.

ඔවුන් තමන් විශ්වාස කරන ඇතැම් දේවල්වලට විද්‍යාත්මක සාක්ෂි හමුවුණු බව ලෝකයට පෙන්වීමට උත්සාහ ගනී.

ශ්‍රී ලංකාවේ ද එවැනි ව්‍යාජ විද්‍යාඥයෝ සිටිති.

ඔවුන් කියන්නේ නාථ දෙවියන් තමනට කී බවයි. විශේෂඥ වෛද්‍යවරු, ආචාර්ය මහාචාර්යවරු ද විද්‍යාත්මක සිද්ධාන්ත පසෙක තිබිය දී නාථ දෙවියන් කීවා යැයි කියමින් ඒවා සනාථ කිරීමට වෙනත් කරුණු සොයයි.

දෙවියන්, භූතයන්, මළගිය ඇත්තන් වැනි නොපෙනෙන බලවේග පසුපස යාමත්, ඒවා විශ්වාස කිරීමත් මානසික රෝගයකි.

එබැවින් ශ්‍රී ලංකාවේ සිටින එවැනි ව්‍යාජ විද්‍යාඥයෝ මානසික රෝගීන් දැයි පරීක්ෂා කර බැලිය යුතුය.

ජපානයේ මසාරු ඉමොටෝ ද එවැනි දේට ජපානයේ ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්න ව්‍යාජ විද්‍යාඥයෙකි (Pseudoscientist).

එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් හොර විද්‍යාඥයෙක්.

ශ්‍රී ලංකාවේ හොර දොස්තරලා වැනිම අයෙක්.

ඉමෝටෝ 2008 වර්ෂයේ දී තමන්ගේ සහායකයන් කණ්ඩායමක් සමඟ පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කරන සඟරාවක් සඟරාවක් ආරම්භ කරයි.

ඒ ඔවුන්ගේ කණ්ඩායමේ ව්‍යාජ පරීක්ෂණ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කිරීමේ අභිලාෂයෙනි.

Journal of Scientific Exploration නමින් පවත්වාගෙන ගිය එය ඔවුන් හැර ලෝකයේ පිළිගත් කිසිම විශ්වවිද්‍යාලයකින්වත්, විද්‍යා පර්යේෂණ ආයතනයින්වත් පිළිගැනීමට ලක්කර නැත.

The Hidden Massages in water නමින් ලිපියක් ඉම‍ොටෝ තමන්ගේම සඟරාවට ලියා තිබේ.

ඔහු එහි පවසන්නේ ධනාත්මක සිතුවිලිවලට, වචනවලට සහ සංගීතයට ජලයේ අණුක ව්‍යුහයට බලපෑම් කරන්න පුළුවන් වගේම දූෂිත ජලය එමගින් පිරිසිදු කරන්නත් හැකියාව ඇති බවයි.

නමුත් ඔහු ලියූ ලිපියේ පිරිත් ගැන කිසිදු සඳහන් කර නැත.

කොහොම වුණත් ජල අණුවක් වචනවලින් හෝ සංගීතයෙන් වෙනස් කරන්න පුළුවන්නම් මේ ලෝකයේ ජීවය නැතිකරන්නත් පුළුවන් වේවි.

මේ පර්යේෂණ පත්‍රිකාව යැයි කියන ලිපිය ඔබටත් අන්තර්ජාලයෙන් ලබාගත හැකියි.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රබල වෘත්තීය සමිතියක සභාපතිවරයෛක් හැටියට, විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍යවරයෙක් හැටියට පෙනී සිටිමින් අනුරුද්ධ පාදෙණිය මේ ලිපිය පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පිළිගන්නේ තමන්ගේ දැනුමේ ප්‍රමාණය අනුව විය යුතුයි.

නමුත් විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ දැනුමක් ඇති කිසිම කෙනෙක් එය පිළිගන්නේ නැත.

කිසිම පර්යේෂණාත්මක විධි ක්‍රමයක් අනුගමනය නොකර ලියා ඇති එය සුරංගනා කතාවක් වැනි බව පිළිගත් විද්‍යාඥයන්ගේ මතයයි. ඔහු කර ඇති පර්යේෂණයක් ද නැත.

නමුත් අනුරුද්ධ පාදෙණිය වැනි කිසිම විචාර බුද්ධියක් නැති අය අතර මේ ලිපිය ජනප්‍රිය කරගන්න ඉමෝටෝ හට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකාවේ අනුරුද්ධ පාදෙණිය වගේ කෙනෙක් මේ ව්‍යාජ පර්යේෂණ පත්‍රිකා තමන්ගේ දැනුමේ වපසරිය අනුව සත්‍යයැයි පිළිගනිමින් ජනතාවත් නොමඟ යැවූව ද ලෝකය පිළිගත් විද්‍යාඥයන් ඉමොටෝගේ මේ විකාරය පිළිගන්නේ නැත.

නිගිවස් ඒ. ටිලර් සඳහන් කරන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි දෙයක් යනුවෙනි. ජෛව රාසයන විද්‍යාඥ කෝක් විලියම් රිවිල් මෙසේ කියයි.

”ඉමොටෝ ගේ ප්‍රකාශය කිසිම යථාර්ථයක් ඇති දෙයක් නෙවෙයි. එය හිතලුවක් විතරයි”.

ආචාර්ය හැරියට් ඒ හෝල් පවසා තිබුණේ ”කෙනෙක් විද්‍යාව තේරුම් ගන්නේ කොතරම් වැරදි විදියට ද කියලා ඉමොටෝ විමසා බැලීමෙන් හිතාගන්න පුළුවන්” යනුවෙනි.

” මා දන්නා විදියට ඉමොටෝ කියන දෙය විද්‍යාවට කිසිම සම්බන්ධයක් තියෙන දෙයක් නෙවෙයි.” යනුවෙන් ජීව විද්‍යාඥ ටයිලර් වොල්ස් පවසයි.

භෞතික වාදියකු ලෙස ප්‍රසිද්ධ ජේම්ස් රැන්ඩි, ඉමොටෝ හට අභියෝගයක් කළේය. ඒ ලිපියේ සඳහන් කතාව ඔප්පු කර පෙන්නුවොත් තමන් ඔහුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක් දෙන බව රැන්ඩි කීවේය. ඔහු එය ප්‍රසිද්ධ කළේය. නමුත් ඉමොටෝ ඒ අභියෝගය කිසිදිනක භාර ගත්තේ නැත.

නමුත් අපේ විශේෂඥ වෛද්‍යවරු තම වෘත්තීය සමිති තනතුරු පවා භාවිතා කරමින් ප්‍රසිද්ධ මාධ්‍යතුළට ඇවිත් ඉමෝටෝගේ හිතලු දෙසා බාන්නේ කිසිම විද්‍යාත්මක පදනමක් නොමැතිව වීම ඛේදවාචකයකි.

අනුරුද්ධ පාදෙණිය ජපානයේ ඉමොටෝ කියූ කතාව විශ්වාස කරමින් පිරිත් බලයෙන් ජලය පිරිසිදු කළ හැකියැයි කියනවානම් අපි ද ඔහුට අභියෝගයක් කරමු.

බේරේ වැවෙන් ගත් තුර බෝතලයක් දින හතක් හෝ මාසයක් හෝ පිරිත් කියා ඒ ජලය පිරිසිදු කර පානය කරන්න. අන්න එදාට අපි පිළිගන්නම් පිරිතෙන් ජලය වෙනස් කළ හැකි බව.

Related articles

Recent articles

spot_img