-2.1 C
New York

වැලිගම එන්නත්කරණ වැඩසටහනේ කලබලයක්

Published:

වැලිගම නගරයේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහ‍න සඳහා අද (01) පැමිණි සියලු දෙනාට දීමට එන්නත් නැතැයි සෞඛ්‍ය අංශ පැවසීමත් සමඟ එහි දැඩි උණුස්ම්කාරී තත්වයක් ඇතිවිය.

මෙම වැඩසටහන වැලිගම අර්ෆා මහා විද්‍යාල භූමියේ පැවැත්විණි. වැලිගම අලුත්වීදිය, ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, පරණ කඩේ, හෙට්ටිවීදිය, වලාන, මුදුගමුව නැගෙනහිර, මුදුගමුව බටහිර ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 30-60ත් අතර පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව අද ලබාදීමට සැළසුම් කර තිබිණි.

එසේ වුව ද විශාල පිරිසක් එන්නත්කරන ස්ථානයට පැමිණ සිටි අතර බටවල, පාතේගම, දෙණිපිටිය, කඩේවත්ත, පැලැන, වලාන, මුදුගමුව ආදී ප්‍රදේශ රැසකින් දහසකට වැඩි පිරිසක් පළමු එන්නත ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණ සිටියහ.

සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව කටයුතු කරන ලෙස වරින්වර ඔවුන් දැනුම්වත් කළ ද සමාජ දුරස්ථභාවය එහි ආරක්ෂා වූයේ නැත.

පැමිණි සැමට එන්නත් ලබා දීමට නොහැකි බවට දැනුම් දීමෙන් පසු පැමිණ සිටි පිරිස් දැඩි ලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජි.ආර්.ටී ජයසේකර කියා සිටියේ ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම පමණක් බවිය. නමුත් එන්නත්කරණය සිදුවන ස්ථාන සොයා විශාල පිරිසක් පැමීණීම හේතුවෙන් නිසි පරිදි එන්නත් වැඩසටහන් පවත්වාගෙන යා නොහැකි බව ද ද්‍යෛවරයා කීවේය.

https://web.facebook.com/100008341475136/videos/1051849368688934/

Related articles

Recent articles

spot_img