-4.8 C
New York

ශ්‍රී ලාංකීය පාසල් සිසුවෙක් ලොව ඉහළම වනජීවී ඡායාරූප තරඟයේ විශේෂ ඇගයීමට ලක්වෙයි

Published:

ශ්‍රී ලංකාවේ 10 හැවිරිදි වියේ පසුවන දරුවකු ලෝකයේ ප්‍රධානතම වනජීවී ඡායාරූප තරඟයේ ජූරියේ විශේෂ ඇගයීමට ලක්ව සිටියි.

ඒ ඡායාරූප ශිල්පය තම විනෝදාංශය කරගත් ගඟන වික්‍රමසිංහය.

BBC ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන BBC Wildlife photographer of the year තරඟාවලියේ 2021 ක තරඟය සඳහා ඔහු ඉදිරිපත් කර තිබුණේ කොළඹ පිහිටි තම නිවසේ උඩුමහලේ සිට බැලූ විට පෙනෙන ගසක බෙනයක සිටි මාල ගිරා පැටවුන්ට ඔවුන්ගේ පියා විසින් ආහාර රැගෙන ආවස්ථාවක එම පැටවුන් හැසිරෙන ආකාරයයි.

ඔහු එම ඡායාරූපය “Lockdown chics” ලෙස නම්කර තිබිණි.

ගඟන මෙරට උරග හා උභයජීවී විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ පුත්‍රයාය.

එම තරඟාවලියේ දී ම ශ්‍රී ලාංකික වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනි ඩී. සොයිසා ඉදිරපත් කළ ඡායාරූපයක් ද ජූරියේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ. “The great swim” ලෙස නම්කර තිබූ එම ඡායාරූපයේ දැක්වෙන්නේ කෙන්යාවේ ව‍නෝද්‍යානයක ගංවතුර අවස්ථාවක දී ගඟ තරණය කරන පිරිමි චීටාවන් හතර දෙනෙකි.

“Lockdown chics”
“The great swim”

https://www.bbc.com/news/science-environment-58398905

Related articles

Recent articles

spot_img