-5.9 C
New York

රුපියල තවත් පහත වැටෙයි

Published:

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්සව රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් අද (31) රුපියල් 204.00ක් බවට පත්විය.

ඉතිහාසයේ පළමු වතාවට පසුගිය අප්‍රේල් මාසයේ ඇමෙරිකානු ඩොලරය රුපියල් 204.00ක් බවට පත්විය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 204.89ක් ලෙසත් ගැනුම් අගය රුපිපයල් 198.90ක් ලෙසත් දැක්විණි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ජුනි 23 වැනි දා සිට ඊයේ (30) දක්වා එකම අගයක පැවතිණි.

ජනපාරි 01 වැනි දා සිට අගෝස්තු 27 වැනි දා දක්වා කාල සීමාවේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල 6.8% කින් අවප්‍රමාණය වී තිබේ.

Related articles

Recent articles

spot_img