-2.1 C
New York

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටව් උපත ලබති

Published:

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටවුන් උපත ලැබූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

සුරංගි නම් කෙණර මෙම පැටවුන් දෙදෙනා බිහිර තිබේ. පශු වෛද්‍යවරු පැවසුවේ අද (31) අළුයම 4.00ට එක් පැටවකු උපත ලැබූ බවයි. අනෙනක් පැටවා අද දහවල් 12.00ට උපත ලබා ඇත.

පින්නවල අලි අනාථාගාරයේ දී මෙලෙස නිවුන් අලි පැටවුන් බිහිවූයේ පළමු වතාවටය.

පැටවුන් දෙදෙනා සහ මව නිරෝගීව සිටින බව පශු වෛද්‍යවරු කියති.

Related articles

Recent articles

spot_img