-2.1 C
New York

“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

Published:

සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට පැමිණෙනු ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු පවසන්නේ මෙම වසංගතයට එරෙහිව ජනතාව තුළ ප්‍රතිශක්තිය ඇතිවීම නිසා පීඩාකාරී තත්වය අඩුවන බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර වෙනත් හානිකර ප්‍රභේද ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වාගැනීම ද වැදගත් බවයි.

දකුණු අප්‍රිකාවෙන් දැනට වාර්තා වී ඇති එන්නත්වලට ද ප්‍රතිරෝධී විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් දැනට එන්නත්කරණය සිදුවන වේගය හා රෝගීන් වාර්තාවන රටාව අනුව අපට මේ වසංගතයේ පීඩාකාරී මට්ටමින් ගැලවීමට තව සති අටක් ප්‍රමාණවත් බව ද හෙතෙම පෙන්වාදෙයි.

“එන්නත් කිරිමෙන්සිදුවන්නේ සමාජයේ ස්ථාවර ප්‍රතිශක්තිකරණ තත්වයක්, ස්වභාවිකව රෝගය හැදුණු අයෙකුගෙත් ප්‍රතිශක්තියක් හටගන්නවා. අනෙක එන්නත් ලබාදීමෙන් ප්‍රතිශක්තියක් කෘතිමව ඇති කරනවා. ශ්‍රී ලංකාවේ දැනට රෝගය ව්‍යාප්ත වී ඇති ආකාරයත් එන්නත්කරණය සිදුවන ආකාරයත් අනුව රටේ බහුතර ජනතාවක් තුළ ප්‍රතිශක්තිය ඇතිවේවි. නමුත් අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මුළුමනින්ම අනුගමනය කළ යුතුයි.,

ඔහුගේ අනුමානය වී ඇත්තේ සැප්තැම්බර් අවසන් සතිය වනවිට රෝගීන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස අඩුවී තවත් සති දෙකකින් මරණ සංඛ්‍යාව ද අඩු‍වන බවයි. ඒ අනුව ඔක්තෝබර් දෙවැනි සතිය අවසන්වනට රෝගීන් සහ මරණ අඩුවී ඔක්තෝබර් අවසානය වනවිට මේ වසංගතයේ පීඩාකාරී තත්වයේ අඩුවක් සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

“නව ප්‍රභේදවලින් කරදරයක් වුණේ නැත්නම් මාස දෙකකින් රට වසංගතයෙන් මිදේවි. නමුත් මේ සඳහා ජනතා සහයෝගයය අත්‍යාවශ්‍යයි. සියලු මිත්‍යා මත පැත්තකින් තියලා එන්නත් ලබා ගැනීමට සියලු දෙනාම යොමු විය යුතුයි. ඒ වගේ ම එන්නත් ගන්නා අය වුණත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපරිමයෙන් ආරක්ෂා කළ යුතුයි.”

Related articles

Recent articles

spot_img