-5.9 C
New York

අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි

Published:

රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වැනි වගන්තියේ ජනාධිපිතවරයාට ඇති බලතල අනුව එම ආඥා පනතේ ii කොටසේ විධිවිධාන බලාත්මක කරමින් 05 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

වී, සහල් සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්කරන වෙළෙඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

රජයේ සහතික මිලට හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට බාදීමට බලයලත් නිලධාරියකු කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමටත් ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් මෙම රෙගුලාසි අනුව හැකි වේ.

Related articles

Recent articles

spot_img