-4.8 C
New York

ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට

Published:

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස ඔහුගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ද සිදුකෙරිණි.

මියයන විට 86 හැවිරිදි වියේ පසු වූ ටියුඩර් ගුණසේකර පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූයේය.

1977 වර්ෂයේ මහර ආසනය ජයගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ටියුඩර් ගුණසේකර ගම්පහ ප්‍රථම දිසා ඇමතිවරයාා ලෙස ද කටයුතු කළේය. 1983 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු පසුව දේශපාලනයෙන් ඉවත්ව ‍සිටියේය. 1994 බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් ඔහු පෝලන්ත තානාපති ධූරයට පත්කළ අතර ඉන් පසු බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.  චන්ද්‍රා පෙරේරා සමඟ විවාහ වී සිටි ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

Related articles

Recent articles

spot_img