spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත ‍රෝග අංශය විසින් යළි වෙනස් කරයි

පුවත්

විදෙස්

ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කො‍රෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය මෙලෙස ප්‍රමාද වී ලැබෙන දත්ත බව සඳහන් කරමින් දත්ත පද්ධතිය මීට ඉහත දී ද සංශෝධනය කළේය.

නමුත් විද්‍යාත්මක විශ්ලේෂණ සදහා උපයෝගී කරගන්නා සංඛ්‍යානය විෂයය අනුව මෙවැනි දත්ත සටහන් කරගැනීමේ දී නිශ්චිත කාල සීමාවක් ලබා දී (උදා – 2021 අගෝස්තු මස 28 වැනි දා පැය 09.00 සිට අගෝස්තු 29 වැනි දා පැය 09.00 දක්වා ගත වූ පැය 24 දී වාර්තා වූ ආසාදිතයන්) ඒ අනුව දත්ත විශ්ලේෂණය කළ යුතුය.

සංඛ්‍යානය විෂය පිළිබඳ මෙරට විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරූ වෘත්තිකයන් සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධිධාරීන් ඇතත් එවැනි පුද්ගලයන් විසින් හෙබවිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ දෙපාර්තමේන්තු සහ අංශවල තනතුරු රජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් ඒවාට වෛද්‍යවරු පත්කර තිබීමෙන් වසංගත අවස්ථාවක දී දත්ත විශ්ලේෂණයන් පවා නිසි පරිදි පවත්වාගෙන යා නොහැකි බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ අද එලෙස දත්ත පද්ධතියට එකතුකළ ආසාදිතයන් 24, 25, 26 සහ 27 යන දිනයන්හි ලැබී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!