-5.9 C
New York

එන්නත්වලින් පාලනය කළ නොහැකි නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි. දැනටමත් රටවල් කිහිපයක පැතිරිලා

Published:

ලෝකයේ මෙතෙක් භාවිතා කරන සියලුම කොරෝනා මර්ධන එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය අභිබවා යා හැකි කොරෝනා විකෘති ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇතැයි එරට බෝවන රෝග විමර්ශනය කරන ජාතික පර්යේෂණ ආයතනය පවසයි.

C.1.2 නව කොවිඩ් ප්‍රභේදයේ N440K සහ Y449H යන විකෘති තාවයන් පෙන්නුම් කරනු ලබන බවයි විද්‍යාඥයින් පවසයි. එම විකෘති ප්‍රභේදය පළමු වරට හඳුනාගෙන ඇත්තේ මැයි මාසයේ දී ය. එය පසුගිය ජනවාරි මා‍සයේ හඳුනාගත් C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

ලෝකයේ ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගතයට හේතු වූ පළමුවරට වූහාන්වලින් හදුනාගත් වයිරසයෙන් විකෘති කිහිපයක් ඇතිවී වර්ධනය වන්නට ඇතැයි සිතන මෙම විකෘති ප්‍රභේදය පළමුවරට වූහාන්වලින් හඳුනාගත් ප්‍රභේදයට වඩා බොහෝ වෙනස්කම් සහිත බව ද පර්යේෂණවලින් දැනටමත් සනාථ වී තිබේ.

C.1.2. වෛරසය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් පසුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින්ද වාර්තා වී ඇත.

මෙම ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘති භාවයක් පෙන්නුම් කරනු ලබන බව ද හෙළිි වී තිබේ.

මේ වන විට ලොවපුරා වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා නව C.1.2 ප්‍රභේදය භයානක වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට දැනටමත් පර්යේෂණ ආරම්භ කර තිබේ.

Related articles

Recent articles

spot_img