ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම මදුරෙයි, තිරුචිරාප්පලි, ත්‍රිවන්ද්‍රම සහ කොචින් අතර සතියකට වරක් ගුවන් ගමන් සිදුකරයි.
හයිද්‍රාබාද් හා නවදිල්ලියට කොළඹ සිට සති දෙකකට වරක් ගුවන් ගමන් සිදුකිරීමට නියමිතිය. එමෙන් ම හෙට (31) සිට නේපාලයේ කත්මණ්ඩු සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ වෙයි.
ගුවන් මගීන් සියලු දෙනාට සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කිරීමට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.



