-4.8 C
New York

“කොවිඩ් රෝගීන් ගැන දන්නා වෛද්‍යවරු නැතිව කොරෝනා මර්ධනය කළ නොහැකියි”

Published:

කොරෝනා මර්ධනය සඳහා තීන්දු තීරණ ගන්නා ජනාධිපති කාර්ය සාධක බලකායේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝගීන් සමඟ සම්බන්ධවන කිසිදු වෛද්‍යවරයකු නොමැතිවීම බරපතල ගැටලුවක් බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක් වෙමිනි. ඔහු එම කරුණ අවධාරණය කරමින් මෙසේ කීවේය.

“ජනාධිපතිතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක අහනවා. 30ට වැඩි සියලු දෙනා එන්නත් කර අවසන්නම් දැන් මට කියන්න 30ට අඩු අයට එන්නත් දෙනව ද ? නැතිනම් අර 30ට වැඩි අයට බූස්ටර් එන්නත්ක දෙන්න අවශ්‍ය ද කියලා ජනාධිපතිතුමා ඇහුවා. නමුත් මේ වෙලාවේ එතන හිටපු කිසිම කෙනෙකුගෙන් විද්‍යානුකූළ පිළිතුරක් ලැබුණේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගේ ප්‍රධානියා වුණත් ඔහු පරිිපාලන වෛද්‍යවරයෙක්. රෝගීන්ගේ සැබෑ ස්වරූපය දන්නේ නැහැ. අපි තීන්දු තීරණ ගන්නා අවස්ථාවේ දී මේ රෝගීන් සමඟ කටයුතුකරන වෛද්‍යවරුන්ගේ අදහස් ගත යුතුයි. මෙයට අවශ්‍ය වන්නේ ගැඹුරු පිළිතුරක්”

ඔහු පවසන්නේ ඒ සඳහා සුදුසු තමන්ටත් වඩා ජ්‍යෙෂ්ඨ එමෙන් ම මෙරට කොරෝනා ආසාදිතයන් සමඟ වසරකට වැඩි කාලයක් කටයුතු කළ වෛද්‍යවරුන් සිටින බවයි.

“බූස්ටර් ඩෝස් එක 30 ට වැඩි සියලු දෙනාට අවශ්‍ය නැහැ. එය අවශ්‍ය වන්නේ වෙනත් ආබාධ සහ අවදානමක් තියෙන පිරිසට පමණයි. ඒක ඉතාමත් සුළු නියැදියක්. නමුත් අපි රටේ ආර්ථිකය ගැන පාසල් ආරම්භය වැනි කාරණා ගැන අවධානය ‍යොමු කරලා පාසල් ළමයින්ට එන්නත දෙනවා ද 30ට අඩු රටේ ආර්ථිකයට දායක වන රැකියා කරන අයට පළමුව දෙනවා ද කියා තීරණය කළ යුතුයි. මේවා තීරණය කිරීමේ දී ප්‍රායෝගිකව රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍යවරු සිටීම අවශ්‍යයි.”

Related articles

Recent articles

spot_img